දකුණු ලක මාතර දිස්ත්‍රික්කයට අයත් වැලිගම කෝලයේ සුපුකට දෙනිපිටිය ග්‍රාමයේ පිහිටි මෙම විද්‍යාලය රජයේ විදුහලක් ලෙස
ආරම්භ කරන ලද්දේ 1931.10.10 වන දිනයි. එහෙත් ඊට පෙර හලල ගුණාතිලක රාළහාමි සහ මැණික් වත්තේ ගුණවර්ධන මහතා
ඇතුළු මෙම ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගේ මැදිහත් වීම මත දෙනිපිටියේ සමාගම් පාසලක් පවත්වාගෙන ගිය බව පැරැන්නෝ පවස්ති.
ආරම්භයේ දී ශිෂ්‍ය සංඛ්‍යාව 300 කින් සමන්විත වූ මෙම විදුහල නොබෝ දිනකින් ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වුවත් ගුරු
සංඛ්‍යාව හය දෙනෙකුට පමණක් සීමා වී තිබුණි. අක්කර කාලක් පමණ පාසල පිහිටි භූමි ප්‍රමාණය ගොඩනැගිලි වකකින් සමන්විත
විය. මෙහි ආරම්භක විදුහල්පතිවරයා ලෙස විචි.බී. සුගතපාල මහතා කටයුතු කළ අතර වතුමා 1936.05.01 දක්වා විද්‍යාලයට
ඉමහත් සේවාවක් ඉටු කොට ඇත.
මුලදී පහළ බාලාංශයේ සිට කණිෂ්ඨ අංශය දක්වා පන්ති පැවති අතර නොබෝ කලකින් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පාඨශාලා
විභාගයට සිසුන් ඉදිරිපත් කරන පාසලක් බවට පත්වීම් විද්වකට මෙම විද්‍යාලයට ලැබූ විශාල ජයග්‍රහණයක් විය. 15 කෂ්ටිෂ්ඨ
අංශය ලෙසත් 6 ශ්‍රේණියේ සිට ඉහළට මහා විද්‍යාලය ලෙසත් එකම භූමියක මුලදී පන්ති පවත්වාගෙන ගිය අතර ශිෂ්‍ය සංඛ්‍යාව
1000 කට අධික වු බැවින් ප්‍රාථමික විදුහල් භූමිය මින් ඉවත් කර වෙනත් ස්ථානයකට ගෙන යන ලදී. විචක පටන් 15 දෙනිපිටිය
ප්‍රාථමික විද්‍යාලය ලෙසත් 8 13 දෙනිපිටිය මහා විද්‍යාලය ලෙසත් නම් කොට ඇත. එබඳු දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මෙම
පාසල අද ශිෂ්‍ය සංඛ්‍යාව 600 කට අධික ප්‍රමාණයකින් සැදු මිලත් ප්‍රදේශයේ කීර්තිමත් පාසල් අතුරින් එකකි. මෙහි වර්තමාන
විදුහල්පතිවරිය ලෙස කටයුතු කරන C.T. හේවාවසම් මහත්මිය මෙම විද්‍යාලයේ 21 වන විදුහල්පතිවරිය ලෙස ඉතිහාසයට එකව
ඇත.
පාසල් මුළු බිමි ප්‍රමාණය:- හෙක්ටයාර 1.824, අක්කර 04 රූඩි 02 පර්චස් 26
දැනට භාවිතා කරන බිමි ප්‍රමාණය:- වර්ග මීටර 21416
භාවිතා නොකරන බිමි ප්‍රමාණය:- වර්ග මීටර 3060
{QF3=5}
